මත්පැන් සහ කරදමුංගු තොගයක්, කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව්දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව එහි වටිනාකම රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් බවයි රේගු නිලධාරීන් සඳහන් කළේ.
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 20ක් තුළ විදේශීය ගුවන් තොටුපොළක තීරු බදු රහිත සාප්පු සංකීර්ණයකින් මිළදී ගත් මත්පැන් බෝතල් 378ක් සහ කරදමුංගු කිලෝ ග්‍රෑම් 132 ක් තිබී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.








