බොරැල්ල ප්රදේශය ආශ්රිතව හෙට (07) දිනයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්රියාත්මක කිරීමට නියමිත බව පොලීසිය ප්රකාශ කරයි.
පොලීසිය පැවසුවේ කාදිනල් මැල්කම් රංජිත් හිමිපානන්ගේ පූජක දිවියේ 50වන ජුබිලි මහෝත්සවය වෙනුවෙන් කොළඹ අගරදගුරු මැදුරේ ප්රභූවරුන් ඇතුළු ආරාධිතයින් විශාල ප්රමාණයක් සහභාගීත්වයෙන් පැවැත්වෙන විශේෂ උත්වයට මෙලෙස විශේෂ රථ වාහන සැලැස්මක් ක්රියාත්මක කිරීමට නියමිත බවයි.
ඒ අනුව ඇතිවිය හැකි රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා හෙට දින සවස 03.00 සිට රාත්රී 9.00 දක්වා බොරැල්ල පොලිස් වසමේ වෝඩ් පෙදෙස, කිංසි පාර හන්දියේ සිට නන්දදාස කෝදාගොඩ හන්දිය දක්වා බර වාහන ඇතුල්වීම සීමා කිරීමට පොලීසිය කටයුතු කර තිබේ.