පළාත් පාලන ආයතන පිහිටුවීමෙන් අනතුරුව පළාත් සභා ඡන්ද විමසීමද කඩිනමින් පැවැත්වීමට කටයුතු කරන බව රජය පවසනවා.
හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් පළ කරමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න සදහන් කළේ, ඊට අදාළ නීතිමය අවශ්‍යතා සම්පූර්ණ කිරීමෙන් පසු පළාත් සභා ඡන්දය කඩිනමින් පැවැත්වීමට කටයුතු කරන බවයි.
පළාත් සභා ඡන්දයට අදාළ සීමානිර්ණ ගැටලුව මෙතෙක් අවසන් වී නැහැ.
කෙසේ වෙතත්, මැතිවරණ කල් දැමීම රජයේ ප්‍රතිපත්තිය නොවන අතර, ඒ අනුව යමින් පළාත් සභා ඡන්දයද පවත්වන බව අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න වැඩිදුරටත් අවධාරණය කළා.