ගම්පහ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 12 ක ජල කප්පාදුවක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට (07) දිනයේ පැය 12ක ජල කප්පාදුවක් සිදුකිරීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

හෙට පෙරවරු 8.30 සිට පස්වරු 8.30 දක්වා වූ කාලය තුළ ජල සැපයුම අත්හිටුවීමට නියමිත බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජාඇළ, කටුනායක / සීදුව නගර සභා බල ප්‍රදේශ, කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා-ඇළ, කටුනායක, මිනුවන්ගොඩ සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට ජල සැපයුම අත්හිටුවීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.