ග්‍රාමීය ජනතාවට ආර්ථික අවස්ථා උදාකර දෙමින් ඔවුන් ආර්ථිකයේ පංගුකරුවන් බවට පත් කර ගත යුතුයි – ජනපති

රටේ ආර්ථික ප්‍රතිලාභ පහළ ග්‍රාමීය ජනතාවට ගලා නොයන්නේ නම් සංඛ්‍යා ලේඛනවල කොපමණ ආර්ථික වර්ධනයක් අත්කර ගත්තද, ඵලක් නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

එක් පසෙකින්, රටේ ආර්ථික වර්ධනයක් අත්පත් කර ගන්නා අතරම, අනෙක් පසින්, ආර්ථිකය ප්‍රසාරණය කර ග්‍රාමීය ජනතාවට ආර්ථික අවස්ථා උදා කර දෙමින් ඔවුන් ආර්ථිකයේ පංගුකරුවන් බවට පත් කර ගැනීම ආණ්ඩුවේ වගකීම බවයි “ප්‍රජාශක්ති” ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට අද (04) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී සහභාගී වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

සමාජය සවිබල ගැන්වීම හා ආර්ථික ප්‍රතිලාභ සමාජය තුළ සාධාරණව බෙදී යාම සහතික කිරීම සඳහා වත්මන් රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස “ප්‍රජාශක්ති” ජාතික වැඩසටහන ආරම්භ කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

 news images news images news images news images news images news images