වනජීවීන් රටින් පිටතට ගෙන යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයෙකු බැංකොක් හි ස්වර්ණභූමි ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම ශ්‍රී ලාංකික පුද්ගලයාගේ යට ඇඳුම්වල සඟවාගෙන සිටි බෝල පිඹුරන් තිදෙනෙකු එහිදී සොයා ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
තම නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරු මත, තායි එයාර්වේස් ගුවන් යානයකින් බැංකොක් වෙත පැමිණි මෙම ශ්‍රී ලාංකික සැකකරුවා අත්අඩංගුවට ගත් බව එරට වනජීවී අපරාධ බුද්ධි මධ්‍යස්ථානයේ අධ්යක්ෂවරයා ප්‍රකාශ කර ඇති බව bangkok post වෙබ් අඩවිය වාර්තා කර තිබුණා.
ඔහු ගුවන් තොටුපලට ඇතුළු වු පසු ඔහුගේ ගමන් මලු පරීක්ෂා කළ ද කිසිවක් හමුවී නොමැති අතර, පසුව නිලධාරීන් විසින් ශරීර පරීක්ෂාවක් සිදු කිරීමේදී ඔහුගේ යට ඇඳුම්වල සඟවා සිටි බෝල පිඹුරන් තිදෙනෙක් (Python regius) සොයා ගෙන තිබෙනවා.
ඒ අනුව, ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර, වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන බවයි සඳහන් වන්නේ.
මෙම සැකකරු හට කළු කොකටුවන්, බෝල පිඹුරන්, ඉගුවානා, ගෙම්බන්, සැලමැන්ඩර්, කැස්බෑවන් ඇතුළු විවිධ වනජීවී විශේෂයන් නීති විරෝධීව ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් පෙර චෝදනා ඇති බවත්, සැකකරු මීට පෙර 2024 වසරේදී ද වනජීවී චෝදනා මත කොළඹ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි පැවසෙන්නේ.