ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වැඩ බැරි ආණ්ඩුවක් – සජිත්

නිදි මරගාතේ ‍නොසිට, රටේ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි අද (04) මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

වෙඩි තැබීම් සිදුවන විට රජයට ලබාදීමට හැකි එකම උත්තරය වන්නේ එය ජාතික ආරක්ෂාවට බාධාවක් නොමැති බවට ප්‍රකාශ කිරීම බවද, මෙම මිනීමරන සංස්කෘතිය නැවැත්වීමට රජයට කිසිඳු වැඩපිළිවෙළක් නොමැති බවද විපක්ෂ නායකවරයා පවසා සිටියා.

අද ක්‍රියාත්මක වන්නේ කැලෑ නීතිය බවත්, නීතිය වල් වැදී ඇති බවත්, ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වැඩ බැරි ආණ්ඩුවක් බවත්, පොරොන්දු ඉටු නොකරන ආණ්ඩුවක් බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.