වන අලි ප්‍රහාරයකට ලක්වී පුද්ගලයෙක් මරුට

තඹුත්තේගම පොලිස් වසමේ, මලියදේවපුර ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකට ලක්වීම නිසා පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

මෙම පුද්ගලයා තම ඉඩමේ ඉදිකර තිබූ විදුලි අලි වැටේ විදුලිය විසන්ධි කිරීමට යාමේදී මෙසේ වන අලි ප්‍රහාරයට ලක්වී ඇති බවට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 68ක් වන මලියදේවපුර, තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වෙනවා.