ඉන්දියාවෙන් පිටුවහල් කරන ලද, මෙරට මහා පරිමාණ මුදල් වංචාවන්ට සම්බන්ධ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට

මෙරට දී මහා පරිමාණ මුදල් වංචා සිදුකර, ඉන්දියාවට පලාගොස් සිටි සැකකරුවන් තිදෙනෙකු යළි දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

ඉන්දියාවෙන් පිටුවහල් කර ඇති මෙම සැකකරුවන්, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ සිදු කරන බව පොලීසිය සඳහන් කර සිටිනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

 news images news images