ලංගම බස් රථයක් ගසක ගැටී අනතුරක්

හලාවත – පුත්තලම මාර්ගයේ දැදුරුඔය පාලම ආසන්නයේදී ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අද දහවල් සිදුවූ එම අනතුරින් තුවාල ලැබූ අය ප්‍රතිකාර සඳහා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

පේදුරුතුඩුවේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට පත්ව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වනවා.