ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

ඩොනල්ට් ට්‍රම්ප්ගේ Big Beautiful පනත අමෙරිකානු කොංග්‍රසය මගින් සම්මත කර තිබෙනවා.

ඒ අනුව Big Beautiful Bill ලෙස ට්‍රම්ප් හැඳින්වූ එම පනතින් එරට දේශසීමා ආරක්ෂාව, රැඳවුම් මධ්‍යස්ථාන, මිසයිල ආරක්ෂක Gold Dome ව්‍යාපෘතිය ඇතුළු හමුදා වියදම් සඳහා මුදල් වෙන් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එරට මධ්‍යම පාන්තික අමෙරිකානුවන්ට පනවන බදු කප්පාදු කරන රෙගුලාසි ද එම පනතට ඇතුළත් කර ඇති අතර, එමගින් එරට මිලියන ගණනක පිරිසකගේ සෞඛ්‍ය සේවා සහ ආහාර ආධාර අවහිර වන අතර, අමෙරිකානු පරිසර හිතකර බලශක්ති ව්‍යාපෘති සඳහා වන බදු සහන ද අවහිර වනු ඇති බවයි සඳහන් වෙන්නේ.

පනතට පක්ෂව ඡන්ද 218 ක් ලැබී ඇති අතර, විරුද්ධව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 214 ක් වනවා.

එරට ඩිමොක්‍රටික් පක්ෂයේ සියලු දෙනා සහ අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පක්ෂය වන රිපබ්ලිකන් පක්ෂයේ දෙදෙනෙකු ද පනතට විරුද්ධ වී තිබෙන බවයි සඳහන් වී ඇත්තේ.

මෙම පනතට ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට දිනයේ අත්සන් කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.