කටුනායක ගුවන් තොටුපළේ VAT Refund කවුළුවක් විවෘත කෙරේ

සංචාරකයන් විසින් ශ්‍රී ලංකාව තුළදී භාණ්ඩ මිලදී ගැනීමේදී ගෙවන ලද, එකතු කල අගය මත බදු (VAT) නැවත ලබාදීමේ කවුළුවක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල පරිශ්‍රයේ ස්ථාපනය කර තිබෙනවා.

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් ස්ථාපනය කළ එම කවුළුව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සහ කම්කරු අමාත්‍ය සහ මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්තගේ ප්‍රධානත්වයෙන් අද (04) විවෘත කර තිබෙන බවයි සඳහන් වන්නේ.

ශ්‍රී ලංකාව තුළ දින 90කට වඩා රැඳී සිටින, රුපියල් 50,000කට වඩා VAT බදු ගෙවූ සංචාරකයන් හට, තමන් ගෙවූ VAT බදු මෙම කවුළුවෙන් නැවත ලබා ගත හැකියි‍.

සංචාරකයන් ශ්‍රී ලංකාවේ නිෂ්පාදන මිලදී ගැනීමට උනන්දු කිරීමත්, ලංකාවේ බදු එකතු කිරීම ක්‍රමවත් කිරීමත් වෙනුවෙන් මෙම සේවාව ආරම්භ කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

 news images