අමෙරිකානු නව තීරුබදු පිළිබඳව අද සිට ලිපි මඟින් එක් එක් රටවලට දැනුම් දෙයි

සිය රටට එක් එක් රටවලින් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා අයකරන තීරුබදු අනුපාත සඳහන් කරමින් අමෙරිකාව විසින් එම රටවලට ලිපි යැවීම අද (04) සිට ආරම්භ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඒ අනුව එකවර රටවල් 10කට ලිපි යැවීමට බලා‍පොරොත්තු වන බවත්, 20% සිට 30% දක්වා තීරුබදු අනුපාත නියම කරන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර තිබෙන්නේ.

වියට්නාමය සමඟ වෙළඳ ගිවිසුමක් ඇති කර ගැනීම සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා නිවේදනය කර තිබුණා.

ජූලි 09 වැනිදා සිට මෙම නව තීරුබදු ක්‍රමය ක්‍රියාත්මක වීමට නියමිතයි.