කොළඹ මහ නගර සීමාවේ ඩෙංගු බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දීමට විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව, 011-2696594 යන දුරකථන අංකයට අදාළ තොරතුරු දැනුම්දිය හැකි බවයි කොළඹ මහ නගර සභාව සඳහන් කළේ.
නාගරික සීමාවේ සෑම ප්රදේශයක්ම ආවරණය වන පරිදි ඩෙංගු මර්දන වැඩසටහන් ඊයේ (03) ආරම්භ කළ අතර, කණ්ඩායම් 60 ක් ඒ සඳහා පත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.
වසරේ ගතවූ කාලය තුළ කොළඹ මහ නගර සභා සීමාවෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 2,576 ක් වන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.