UPDATE : කඳානේ වෙඩි තැබීමෙන් එක් අයෙක් මරුට

අද (03) උදෑසන යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් කඳාන පොදු වෙළෙඳසැල අසලදී සිදුකළ වෙඩි තැබීම නිසා තුවාල ලැබූ එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසනවා.

එම වෙඩි ප්‍රහාරය මෝටර් රථයක සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඉලක්ක කර එල්ල කර ඇති අතර, තුවාල ලැබු එම පුද්ගලයින් දෙදෙනා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව, එයින් එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි සඳහන් වන්නේ.

මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අනෙක් පුද්ගලයා දිවංගත අමාත්‍ය මංගල සමරවීරගේ හිටපු පෞද්ගලික ලේකම්වරයා වූූ සමීර මනහර බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.