දකුණු කොරියානු ජනප්‍රිය නිළියක්වන ලී සියෝ-යි අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට ඇය 43 වැනි වියේ පසුවිය.
මරණය පිළිබඳව ඇයගේ කළමනාකරු විසින් ඊයේ (01) තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එහෙත් ඇයගේ මරණයට තවමත් නිශ්චිත හේතුව අනාවරණය කර නොමැති බවටයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.1982 අප්‍රේල් 18 වන දින උපත ලැබූ ලී සියෝ-යි 2013 දී Hur Jun, The Original Story සමගිනුයි රංගන දිවියට පිවිසියේ.
මේ වසරේ මැයි මාසය දක්වා ඇය The Divorce Insurance නාට්‍යයේ පෙනී සිටියා.
Cheongdam-dong Scandal නාට්‍යයේහි ඇයගේ චරිතය සඳහා වඩාත් ප්‍රසිද්ධියට පත් වූවා.