කඳාන ප්‍රදේශයේ වෙඩි තැබීමක්

කඳාන ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අයගෙන් එක් අයෙකු වන්නේ දිවංගත අමාත්‍ය මංගල සමරවීරගේ හිටපු පෞද්ගලික ලේකම්වරයා වූ සමීර මනහර බව පොලීසිය පවසනවා.

අද උදෑසන කඳාන ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුවී තිබෙනවා.

මෙම වෙඩි තැබීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙකු රෝහල්ගත කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෝටර් රථයකට වෙඩි තබා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.