අවුරුදු 16 ක් පරණ ගුවන් යානයක් ගෙනල්ලා, රවුම් තුනක් ගියපු එකටත් උත්තර දෙන්න වේවි – නාමල්

පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය උපරිම සහයෝගය ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

තමන්ගේ පාර්ශ්වයෙන් කිසිදු වරදක් සිදුකර නොමැති බවත්, තම පවුල සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට වසර 15 ක් තිස්සේ සහයෝගය ලබාදෙන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

වත්මන් ආණ්ඩුව විසින් අස්ගිරි හා මල්වතු පාර්ශ්වවලටත් අපහාස කිරීමට පටන්ගෙන ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

වසර 16 ක් පැරණි ගුවන් යානයක් ගෙනැවිත් කොළඹ වටේ රවුම් 03 ක් ගෙනගිය බවත්, ඒවාට වියදම් වූ මුදල් සම්බන්ධයෙන් වසර 15-20 ක් ගියද ඔවුන්ට උත්තර ලබාදීමට සිදුවනු ඇති බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.