නදුන් චින්තක හෙවත් ‘හරක් කටා’ ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන අධි චෝදනා පත්රය පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් මතු කළ මූලික විරෝධතාවක් කොළඹ මහාධිකරණය විසින් ප්රතික්ෂේප කර තිබෙනවා.
ඒ අනුව, මූලික විරෝධතා ප්රතික්ෂේප කරමින් කොළඹ මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන චෝදනා මහාධිකරණය හමුවේ විභාග කළ හැකි බවයි.
එමෙන්ම එම අධි චෝදනා ඉදිරිපත් කිරීමේදී කාර්ය පටිපාටියේ දෝෂයක් සිදුවී නොමැති බව විනිසුරුවරයා සිය නියෝගයේ සඳහන් කර ඇති අතර, ඉන් අනතුරුව මෙම නඩුව අගෝස්තු මස 05 වැනිදා විභාගයට ගැනීමට නියෝග කර තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටියදී ඉන් පලායාමට කුමන්ත්රණය කළේ යැයි යන චෝදනාව මත නදුන් චින්තක හෙවත් ‘හරක් කටා’ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබෙනවා.