යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම අද සිට ආරම්භ වෙයි

යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම අද (03) සිට ආරම්භ වනවා.

ඒ අනුව නාඩු වී කිලෝවක් රුපියල් 120කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 125කටත්, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 132කටත් මිලදී ගන්නා බවයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සඳහන් කළේ.

මෙවර තෙත වී සඳහා ද අවම මිලක් නියම කිරීමට රජය තීරණය කර ඇති අතර, තෙත නාඩු වී කිලෝවක් රුපියල් 102කට මිලදී ගැනීමට නියමිතයි. 

වී මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 600ක මුදලක් වී අලෙවි මණ්ඩලය සතුව පවතින බවද නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සඳහන් කළා.

කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් සම්බන්ධ කර ගනිමින් මෙම ක්‍රියාවලිය දියත් කිරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.