වියට්නාමය සමග වෙළෙඳ ගිවිසුමකට එළැඹි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඒ අනුව මෙම ගිවිසුමට අනුව වියට්නාමයේ සිට අමෙරිකාවට ආනයනය කරන භාණ්ඩ සදහා 20% ක තීරුබද්දක් අය කරන බවයි අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ.
එසේම වියට්නාමයේ සිට සිදු කරන ඕනෑම ප්‍රතිනැව්ගත කිරීමකදී 40% ක තීරුබද්දක් පැනවීමට තිරණය කර ඇති බවද සඳහන්.
කෙසේ නමුත්, මෙම ගිවිසුමට අනුව අමෙරිකාවේ සිට වියට්නාමයට ආනයනය කරන භාණ්ඩ සඳහා තීරුබදු අය නොකිරීමට තීරණය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.