අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අද දැයෙන් සමුගනී

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේගේ අවසන් කටයුතු අද පස්වරුවේ මාවිත්තර – දොලේවත්ත සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.

ඔහුගේ දේහය මේ වන විට පිළියන්දල මාවිත්තර ප්‍රදේශයේ පිහිටි නිවසේ තැන්පත් කර තිබෙනවා.

මියයන වන විට හිටපු අමාත්‍යවරයා 82වන වියේ පසුවුණා.