තෙල් මිල ඉහළ දැමූ පද­නම රටට කියන්න

තෙල් මිල ඉහළ දැමූ පද­නම දැන ගැනී­මට අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා ප්‍රකාශ කළේය. විශේෂ ප්‍රකා­ශ­යක් කර­මින් ඊයේ (01) ඒ මහතා මේ බව කීවේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා එහිදී මෙසේද පැව­සීය. මේ දුර්වල අකා­ර්ය­ක්ෂ­ම­තාව හේතු­වෙන් ජන­තා­වට ලොකු හානි­යක් වෙනවා. හිටි­හැ­ටියේ තෙල් මිල ඉහළ දැමී­මෙන් ජන­තාව අද අසී­රු­තා­වට පත් වෙලා. ඇමැ­ති­ව­රුන්ට නිල­ධා­රීන්ට යන කොමිස් මුදල් නතර කළා ද ඉන්ධන මත පට­වන බදු බර නැති කළා ද කියා දැන ගැනී­මට අව­ශ්‍යයි. වරායේ ගොඩ­බාන මිල­ටම පාරි­භෝ­ගික ජන­තා­වට තෙල් ලබා දෙනවා ද කියා දැන ගැනී­මට අව­ශ්‍යයි. IMF එකේ 4 වැනි වාරි­කය ලබා ගැනී­මට ඒ කොන්දේසි ක්‍රියා­ත්මක කර­න්නේද කියා ගැට­ලු­වක්. තෙල් මිල සූත්‍රය වෙනස් කර ජන­තා­වාදී කර­නවා යැයි පැව­සු­වත් අද මොවුන් පිළි­ප­දින්නෙ හිටපු රජයේ තෙල් මිල සූත්‍ර­ය­මයි. තෙල් මිල ඉහළ දැමූ පද­නම දැන ගැනී­මට අව­ශ්‍යයි. මේ රජය අද කර­න්නේත් ජන­තා­වට බොරු­කී­මයි. වැඩි­හිටි ප්‍රජා­වගේ ඉතිරි කිරීම් වෙනු­වෙන් විශේෂ වැඩ­ස­ට­හ­නක් ක්‍රියා­ත්මක කර­න­වා­යැයි පැව­සු­වත් එය මේ වන තෙක්ම නැහැ. 15% වැඩි­හිටි ඉතිරි කිරීම් පොලිය ලැබෙ­න­වාද කියා දැන ගැනී­මට අව­ශ්‍යයි.

මැද කොළඹ සමූහ – ආරි­ය­රත්න ගනේ­ගොඩ