SL vs BAN 1st ODI : පළමු එක්දින තරගය අද

බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (02) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව තරගය අද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පස්වරු 2.30 ට ආරම්භවීමට නියමිතයි.

චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් එක්දින සංචිතය සඳහා ක්‍රීඩකයින් 16 ක් නම් කර තිබෙනවා.