ගාසා තීරයේ දින 60ක සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වෙයි – ඩොනල්ඩ් ට්‍රම්ප්

ගාසාහි දින 60ක සටන් විරාමයක් ආරම්භ කිරීමට ඊශ්‍රායලය එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඔහු කියා සිටියේ, යුද්ධය අවසන් කිරීම සඳහා සියලු‍ පාර්ශවයන් සමඟ එක්ව කටයුතු කරන බවයි.ගාසා තීරයේ සටන් විරාමයක් ඇති කර ගැනීම සදහා අමෙරිකාවේ මේ දිනවල සාකච්ඡා පැවැත්වෙන අතර ඊට ඊශ්‍රායලය ද එක්ව සිටිනවා.

කටාරය සහ ඊජිප්තුව එහි මැතිහත්කරුවන් ලෙසයි කටයුතු කරන්නේ.

ඊශ්‍රායලය මෙන්ම හමාස් සටන්කාමීන්ද සටන් විරාමය සදහා එකග විය යුතු බවත් එසේ නොවනු හොත් යුද්ධය තවත් දිග් ගැස්සෙනු ඇති බවත් ට්‍රම්ප් ප්‍රකාශ කළා.

2023 වසරේ ඔක්තෝබර් 7 වනදා ඇරඹී හමාස් – ඊශ්‍රායල යුද්ධයේදී ගාසා තීරයේ අවම වශයෙන් පුද්ගලයින් 56,647 ක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.