මාස 5ට විදෙස් ප්‍රේෂණ ඩොලර් බිලි­යන 3 පනී

විදේශ සේවා නියු­ක්ති­ක­යන්ගේ ප්‍රේෂ­ණ­වල කැපී පෙනෙන වර්ධ­න­යක් පෙන්නුම් කර­මින් මේ වසරේ පළමු මාස පහක කාල­යේදී විදේ­ශ­ගත ශ්‍රී ලාංකික ශ්‍රමි­ක­යන් විසින් රුපි­යල් කෝටි 93,000ක (අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 3.1) මුද­ලක් මෙර­ටට ප්‍රේෂ­ණය කර තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

ඒ අනුව මේ වසරේ ජන­වාරි මස පළ­මු­වැ­නිදා සිට මැයි මස 31 වැනිදා තෙක් කාලය තුළ විදෙ­ස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමි­ක­යන් විසින් අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 3,102.2ක මුද­ලක් ප්‍රේෂ­ණය කර තිබෙන අතර එය පසු­ගිය 2024 වසරේ ජන­වාරි මාසයේ සිට මැයි මාසය දක්වා මෙර­ටට සිදු කළ අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 2,624.4ක ප්‍රේෂ­ණ­ව­ලට සාපේ­ක්ෂව සිය­යට 18.2ක වර්ධ­න­යක් බව ද ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නව­තම වාර්තා­වක් මඟින් පෙන්වා දෙයි.

මේ වසරේ මැයි මාස­යේදී පම­ණක් අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 641.7ක ප්‍රේෂණ වාර්තා වී තිබෙන අතර එය පසු­ගිය 2024 වසරේ මැයි මාස­යේදී වාර්තා වූ අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 544.4ට සාපේ­ක්ෂව සිය­යට 17.9ක වර්ධ­න­යක් බව ද ඒ අනුව පසු­ගිය වස­රට සාපේ­ක්ෂව මේ වස­රේදී විදේශ ප්‍රේෂ­ණ­වල කැපී පෙනෙන වර්ධ­න­යක් පෙන්නුම් කරන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටී.

මහින්ද අලු­ත්ගෙ­දර