තීරු­බදු සහ­නය දීර්ඝ කරන්නේ නෑ.. අව­සන් දිනය 9 වැනිදා

ගෝලීය ආර්ථි­ක­යට දැඩි බල­පෑම් එල්ල කළ අමෙ­රි­කාවේ ආන­ය­නික තීරු­බදු ප්‍රති­ප­ත්තිය ක්‍රියා­ත්මක කිරී­මට පෙර විදෙස් රට­ව­ලට ලබා දුන් දින 90ක සහන කාලය කිසිදු අයු­ර­කින් දීර්ඝ කිරීමේ අද­හ­සක් නැති බව ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසු­ගිය අප්‍රේල් මාසයේ සිට ක්‍රියා­ත්මක වූ එම සහන කාලය මේ මස 9 වැනිදා අව­සන් වන බවත්, තීරු­බදු අවම කිරිම හෝ ඉවත් කිරිම සම්බ­න්ධව ධවල මන්දි­රය සමඟ සාකච්ඡා කිරී­මට විදෙස් රට­ව­ලට ලබා­දුන් කාලය එදින නිමා­වන බවත් ට්‍රම්ප් වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි. තීරු­බදු සහන කාලය අව­සන් කිරීම ලිපි මඟින් විදෙස් රට­ව­ලට දැනුම් දෙන බව ද ජනා­ධි­ප­ති­ව­රයා සඳ­හන් කර ඇතැයි වාර්තා වේ.

සිය තීරු­බදු ප්‍රති­ප­ත්තිය ප්‍රකා­ශ­යට පත් කිරීම දින 90කට අත්හි­ටු­වී­මට ජනා­ධි­ප­ති­ව­රයා පිය­වර ගනු ලැබුවේ රට­වල් 90ක් සමඟ වෙළෙඳ ගනු­දෙනු යථා තත්ත්ව­යට පත් කර­ගැ­නී­මට බව ද වාර්තා වේ. තීරු­බදු ප්‍රති­ප­ත්තිය රට­වල් 200කට අදාළ වුවත් සියලු රට­වල් සමඟ එම කාලය ඇතු­ළත සාකච්ඡා පැවැ­ත්විය නොහැකි බව ද ට්‍රම්ප් සඳ­හන් කර ඇතැයි වාර්තා වේ. අමෙ­රි­කාව සමඟ තීරු­බදු සම්බ­න්ධව ගනු­දෙ­නු­වක් නොක­රන්නේ නම් 9 වැනි­දා­යින් පසු දඩ මුද­ල­කට යටත් වීමට සිදු­වන බවට ට්‍රම්ප් පරි­පා­ල­නය විදෙස් රට­ව­ලට දැන­ට­මත් අන­තුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.