ජූලි 04 වැනිදා සිට බස් ගාස්තුව 0.55%කින් අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
ඒ අනුව 2025 වසරේ වාර්ෂික බස් ගාස්තු සංශෝධනය 2.5%කින් අඩුවන බවට නිරීක්ෂණය වූ නමුත්, ඉන්ධන මිල සූත්රය අනුව මාසික ඉන්ධන මිල සංශෝධනය සිදුවූ බැවින්, ඉන්ධන මිල ගැලපීමෙන් පසුව බස් ගාස්තු 0.55%කින් අඩු කිරීමට තීරණය කළ බවයි එම කොමිසම සඳහන් කළේ.
අවම ගාස්තුවේ සංශෝධනයක් සිදු නොවන බවද වැඩිදුරටත් සඳහන් වෙනවා.