රජයේ මූල්‍ය ක්‍රමෝපාය පාර්ලිමේන්තුවට

කොටස් දෙක­කින් යුක්ත වන මූල්‍ය ක්‍රමෝ­පාය ප්‍රකා­ශය ජන­තා­වගේ දැන­ගැ­නීම සඳහා මුදල් අමා­ත්‍යාං­ශයේ වෙබ් අඩ­විය මඟින් ප්‍රසි­ද්ධි­යට පත් කරන බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංව­ර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (30) පැවැ­සීය.

මධ්‍ය කාලීන මාර්ග සිති­ය­මක් වන මෙම ප්‍රකා­ශය මඟින් රාජ්‍ය මූල්‍ය කළ­ම­නා­ක­ර­ණය තුළින් ළඟා කර ගත යුතු සංඛ්‍යා­ත්මක ඉලක්ක විස්ත­රා­ත්ම­කව සාකච්ඡා කරන බව ද අමා­ත්‍ය­ව­රයා පැව­සු­වේය. 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළ­ම­නා­ක­රණ පනතේ 11 වැනි වග­න්තිය ප්‍රකා­රව ‘මූල්‍ය ක්‍රමෝ­පාය ප්‍රකා­ශය’ ආණ්ඩුව විසින් ඊයේ (30) පාර්ලි­මේ­න්තු­වට නිවේ­ද­නය කිරී­මෙන් අන­තු­රුව ඒ පිළි­බඳ සභාව කල්තැ­බීමේ විවා­ද­යට එක්වෙ­මින් ඇමැ­ති­ව­රයා මේ බව ප්‍රකාශ කළේය. 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළ­ම­නා­ක­රණ පනතේ 11 වැනි වග­න්තිය ප්‍රකා­රව එක් එක් වර්ෂයේ ජූනි 30 හෝ එදි­නට පෙර ආණ්ඩුව විසින් මූල්‍ය ක්‍රමෝ­පාය ප්‍රකා­ශ­යක් නිවේ­ද­නය කිරීමේ අව­ශ්‍ය­තාව සම්පූර්ණ කිරීම සඳහා මෙසේ පාර්ලි­මේ­න්තුව විශේෂ පාර්ලි­මේන්තු දින­යක් ලෙස රැස්විණි.

මේ අනුව මුදල්, ක්‍රම­ස­ම්පා­දන සහ ආර්ථික සංව­ර්ධන අමා­ත්‍ය­ව­රයා වෙනු­වෙන් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංව­ර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා විසින් මෙම ‘මූල්‍ය ක්‍රමෝ­පාය ප්‍රකා­ශය’ පාර්ලි­මේ­න්තු­වට නිවේ­ද­නය කළේය. මීට අදාළ සභාව කල්තැ­බීමේ යෝජ­නාව පාර්ලි­මේන්තු මන්ත්‍රිනි ආචාර්ය කෞෂල්‍යා ආරි­ය­රත්න මෙනෙ­විය විසින් ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව පක්ෂ විපක්ෂ මන්ත්‍රී­වරු රැසක් ප.ව 4.45 දක්වා පැවැති සභාව කල්තැ­බීමේ විවා­ද­යට එක්වෙ­මින් සිය අද­හස් පළ කළහ. ඉන්පසු පාර්ලි­මේ­න්තුව ජූලි 8 වැනි අඟ­හ­රු­වාදා පෙ.ව 9.30 දක්වා කල් තැබිණි.

ස්වර්ණා විජේ­කෝන්, මහින්ද අලු­ත්ගෙ­දර, සන්ධ්‍යා කරු­ණා­රත්න