දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස එයාර් චීෆ් මාර්ෂල් (විශ්‍රාමික) ආර්.ඒ.යූ.පී. රාජපක්ෂ පත් කිරීමට අනුමැතිය හිමි වී තිබෙනවා.

ඒ අනුව, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සභාපතීත්වයෙන් උසස් නිලතල පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී අදාළ අනුමැතිය හිමි වී ඇති බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.