ගෑස් මිල සංශෝධනය නොවේ – ලාෆ් ගෑස් සමාගම

ජුලි මාසයේදී ලාෆ්ස් ගෑස් මිල සංශෝධනයක් සිදු නොවන බව ලාෆ්ස් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් පවසනවා.

ලාෆ් ගෑස් මිල අවසන් වරට සංශෝධනය වූයේ පසුගිය අප්‍රේල් මාසයේදීයි. 

මේවන විට 12.5Kg ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,115ක්.