ගව සොරකම් 13ක් සිදුකළ සැකකරුවන් 5ක් අත්අඩංගුවට

පසුගිය 23 වනදා මාරවිල පොලිස් වසමේ යටකලාන ප්‍රදේශයේදී ගව සොරකම හා මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනෙකු මාරවිල පොලිසිය අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සිදුකර තිබුණා.

එහිදී සිදුකල විමර්ශනයේදී සැකකරුවන් විසින් මාරවිල, මාදම්පේ, කොස්වත්ත, කඳානෙගෙදර, වැලිපැන්නගහමුල්ල යන පොලිස් වසම් වල සිදු කරන ලද ගව සොරකම් 13ක් සම්බන්ධව තොරතුරු අනාවරණය වූ බව පොලිසිය පවසනවා.

මොවුන් විසින් ගවයින් ප්‍රවාහනය සඳහා යොදා ගත් වෑන් රථ 03ක් සහ ත්‍රීරෝද රථයක්ද, සොරකම් කරන ලද ගවයින් 06 දෙනෙකුද පොලිස් භාරයට ගෙන ඇති බවද පොලිසිය සඳහන් කළා.

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන මාරවිල පොලිසිය සිදු කරනු ලබනවා.