පරාටේ නීතිය ක්‍රියාත්මක වී අද සිට ව්‍යාවසායකයන්ගේ හා කර්මාන්තකරුවන්ගේ දේපොළ වෙන්දේසිය ඉතා වේගයෙන් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය හිමි වන බවත් මේ තුළින් ක්ෂුද්‍ර කුඩා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් රැසකගේ දේපොළ වෙන්දේසිවීමට නියමිත බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
විශේෂ ප්‍රකාශයක් කරමින් විපක්ෂ නායකවරයා ඊයේ (30) පැවසුවේ
රටේ දළ දේශීය නිෂ්පාදනයට 50%කට වැඩි දායකත්වයක් ලබා දෙමින් 40 ලක්ෂයකට වැඩි ප්‍රමාණයකට රැකියා ලබා දෙන්නේ මේ ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් බවයි.
මේ පරාටේ නීතිය නැවත වරක් ක්‍රියාත්මක කර ව්‍යවසායකයන්ගේ හා කර්මාන්තකරුවන්ගේ දේපොළ හා සම්පත් පරාටේ නීතිය හරහා වෙන්දේසි වන විට මේ ක්ෂේත්රයෙන් දළ දේශීය නිෂ්පාදනයට වෙන දායකත්වය අඩු වෙන බවට ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව සිතිය යුතු බවත් එය ඍජුවම ආර්ථික වර්ධනයට බලපාන බවත් හෙතෙම කීවේය.
ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන්ගේ දේපළ වෙන්දේසිය හරහා ඔවුන්ගේ ව්‍යාපාර කඩා වැටී එය දළ දේශීය නිෂ්පාදනයට බලපානව සේම විරැකියාව වර්ධනය වී අපනයන ප්‍රවර්ධනය වීමට වඩා අපනයන අඩු වීම සිදුවන බවත් පසුගිය රජය මෙන්ම වත්මන් රජය යන ආණ්ඩු දෙකම කළේ ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් මුළා කර රැවටීම බවත් ඒ මහතා පැවැසීය.
මැද කොළඹ සමූහ- ආරියරත්න ගනේගොඩ