කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

රුපි­යල් කෝටි හය­කට අධික වටි­නා­ක­ම­කින් යුතු ජංගම දුර­ක­තන, ටැබ් පරි­ග­ණක සහ පරි­ග­ණක 238ක තොග­යක් නීති­වි­රෝධී ලෙස මෙර­ටට රැගෙන විත් ඒවා කටු­නා­යක ගුව­න්තො­ටු­පොළ හරිත මාවත (Green Channel) ඔස්සේ පිට කර­ගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගි­යකු ඊයේ (30) අලු­යම ගුවන් තොටු­පොළ රේගු නිල­ධා­රීන් විසින් අත්අ­ඩං­ගු­වට ගනු ලැබිණි.

මොහු 22 හැවි­රිදි අවි­ස්සා­වේල්ල ප්‍රදේ­ශයේ පදිංචි ව්‍යාපා­රි­ක­යෙකි. ඔහු ඊයේ (30) දින අලු­යම 05.30ට ඩුබායි සිට ශ්‍රීලං­කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුව­න්යා­න­යෙන් කටු­නා­යක ගුව­න්තො­ටු­පොළ වෙත පැමිණ තිබුණි. ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 4ක් තුළ මෙම නවී­න­තම විද්‍යුත් සන්නි­වේ­දන උප­ක­රණ තොගය සඟවා තිබූ බව රේගු නිල­ධා­රීහු පැව­සූහ. මේ වන විට මෙම ගුවන් මගියා අත්අ­ඩං­ගුවේ තබා­ගෙන ගුව­න්තො­ටු­පොළ රේගු නිල­ධා­රීහු මේ පිළි­බඳ වැඩි­දුර විම­ර්ශන කට­යුතු සිදු කර­මින් සිටිති.

කටු­නා­යක – ටී.කේ.ජී. කපිල