සැහැල්ලු වාහනවල ගමන් කරන සියලුම මගීන්ට සහ අධිවේගී බස්රථවල ගමන් කරන කරන සියලුම මගීන්ට ආසන පටි පැලඳීම අනිවාර්යය කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව 2025 අගෝස්තු 01 වැනිදා සිට අධිවේගී මාර්ගයේ ගමන් කරන සැහැල්ලු වාහනවල පිටුපස ආසනවල ඇතුළුව සියලුම මගීන්ට සහ සැප්තැම්බර් 01 වැනිදා සිට අධිවේගී බස්රථවල ගමන් කරන කරන සියලුම මගීන්ට ආසන පටි පැලඳීම අනිවාර්යය කරන බවයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේ.
රිය අනතුරුවලින් විශාල ප්‍රමාණයක් ජීවිත අහිමි වන බවත්, එම තත්ත්වය මඟ හැරීම සඳහා මෙම තීරණය ගත් බවයි අද (01) උදෑසන කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
2011 වසරේ සිට ආසන පටි පැලඳීම අනිවාර්යය කර තිබුණ ද, සැහැල්ලු වාහන සඳහා එම නීතිය තරමක් ක්‍රියාත්මක වුවත්, ලොරි සහ බස්රථ එම නීතිය මඟ හැර සිටි බවත්, අද සිට බස් හා ලොරි රථ සඳහාද ආසන පටි පැලඳීම අනිවාර්යය වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.