දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

ඊයේ (30) රාත්‍රියේ මොරොන්තුඩුව පොලිස් වසමේ ගෝනදූව කවටයාගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. 

එම පුද්ගලයාට තියුණු ආයුධයකින් පහරදීමක් හේතුවෙන් තුවාල ලබා මොරොන්තුඩුව ගෝනදූව රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. 

ඝාතනයට ලක්වූ පුද්ගලයා 29 හැවිරිදි බන්ඩිරිප්පුව, ලුණුවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවද පොලිසිය සඳහන් කළා. 

වැඩබිමකදී දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් එම වැඩබිමෙහි සේවය කරන පුද්ගලයෙකු විසින් මරණකරුට තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇති බවයි පොලිසිය පවසන්නේ. 

මෘත ශරීරය මොරොන්තුඩුව ගෝනදූව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මොරොන්තුඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.