විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය නියෝජ්‍ය කථානායකවරයා විසින් අද (30) පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා.
ඒ අනුව අදාළ පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවත්, ඒ අනුව විශේෂ පාර්ලිමේන්තු බහුතරයකින් සහ ජනමත විචාරණයකින් එයට අනුමැතිය ලබාගත යුතු බවයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත්තේ.
කෙසේ වෙතත්, අධිකරණ නිර්ණායකයන්ට අනුකූල වන ආකාරයෙන් වගන්ති සංශෝධනය කළහොත්, මෙම උල්ලංඝනයන් අදාළ නොවන බව ද එහි සඳහන් වී තිබෙනවා.