නාවික හමුදාව විසින් තලෙයිමන්නාරම මුහුදේදී අත් අඩංගුවට ගෙන, පසුව මන්නාරම අධිකරණයට ඉදිරිපත් කරන ලද ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස මන්නාරම මහේස්ත්රාත්වරයා නියෝග කර තිබෙනවා,
නීති විරෝධී ලෙස උතුරු මුහුදු කලාපයට පැමිණ මසුන් මරමින් සිටි මෙම ඉන්දීය ධීවරයින් 08 දෙනා සමග, ඔවුන් පැමිණි යාත්රාවක් ද, දැල් ආම්පන්න ද මසුන් විශාල ප්රමාණයක් ද නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.








