CID අධ්‍යක්ෂ ශානි අබේ­සේ­කර

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍ය­ක්ෂ­ව­රයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී ශානි අබේ­සේ­කර මහතා පත්කි­රී­මට වැඩ­බ­ලන පොලි­ස්ප­ති­ව­රයා කළ ඉල්ලී­මට ජාතික පොලිස් කොමි­ෂන් සභාවේ අනු­මැ­තිය ලැබී තිබේ. මධ්‍යම බුද්ධි විම­ර්ශන කාර්යාං­ශයේ අධ්‍යක්ෂ ලෙස මෙතෙක් සේවය කළ ශානි අබේ­සේ­කර මහතා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ලෙස පත්කි­රී­මට මුල්වී ඇත්තේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­රය ඇතුළු සුවි­ශේෂි සහ සංවේදී විම­ර්ශන රැසක් වේග­වත් කිරීම සඳහා බව පොලිස් අභ්‍ය­න්තර තොර­තුරු අනා­ව­ර­ණය කළේය.

ශ්‍රී ලංකා පොලිස් ඉති­හා­සය වෙනස් කර­මින් පසු­ගිය වසරේ දෙසැ­ම්බර් මාස­යේදී අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ලෙස පත්ක­රනු ලැබූ පළමු කාන්තා නිල­ධා­රි­නිය වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී ඉමේෂා මුතු­මාල මහ­ත්මිය ඒ අනුව පොලිස් ළමා හා කාන්තා කාර්යාං­ශයේ අධ්‍යක්ෂ ධූර­යට ස්ථාන­මාරු කෙරෙනු ඇතැයි පොලිස් තොර­තුරු සඳ­හන් කළේය.

ඇයව මෙසේ ස්ථාන මාරු­කර ඇත්තේ සේවා අව­ශ්‍යතා මත මිස අද­ක්ෂ­තා­වක් මත නොවන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිල­ධා­රි­යකු පැවැ­සීය.

ශානි අබේ­සේ­කර මහතා 2017 වසරේ සිට 2019 වසර දක්වා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ලෙස සේවයේ නිර­තව විය. ඊට පෙර ඔහු අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස මෙන්ම ස්ථානා­ධි­පති ලෙසද සේවයේ නිර­තව සිට ඇත. රටේ ආන්දෝ­ල­නා­ත්මක සහ සංවේදී විම­ර්ශන රැසක් විසඳා නමක් දිනා සිටින නිල­ධා­රි­යෙක් වන ශානි අබේ­සේ­කර මහතා 2019 වසරේ ආණ්ඩු පෙර­ලි­යත් සමඟ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වෙන් ඉවත් කර ගාල්ල නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­ර­යාගේ පුද්ග­ලික සහ­කාර ලෙස ස්ථාන මාරු­ක­රනු ලැබීය. අන­තු­රුව රන්ජන් රාම­නා­යක මහ­තාගේ හඬ පට සිදු­වීම මුල්ක­ර­ගෙන වැඩ තහ­න­මට ලක්වන ඔහුව පසුව අත්අ­ඩං­ගු­වට ගෙන බන්ධ­නා­ගා­ර­ගත කරනු ලබන්නේ කොළඹ අප­රාධ කොට්ඨා­සය විසින් සිදු­කළ යම් විම­ර්ශ­න­ය­ට­කට අනු­වය. ආන්දෝ­ල­න­යට තුඩු­දුන් එම අත්අ­ඩං­ගු­වට ගැනී­මෙන් පසු ජීවිත තර්ජ­න­ය­න්ටද ලක්ව සිටි ශානි අබේ­සේ­කර මහතා වයස අවු­රුදු 60න් පොලිස් සේව­යෙන් මේ කාලය තුළ විශාම ගත්තේය. වත්මන් ආණ්ඩුව බල­යට පත්වී­මෙන් අන­තු­රුව ශානි අබේ­සේ­කර මහතා කොන්ත්‍රාත් පද­නම මත නැවත පොලිස් සේව­යට එක්කර ගැනී­මට අවශ්‍ය පිය­වර ගනු ලබන්නේ ඔහුගේ සේවය පොලිස් දෙපා­ර්ත­මේ­න්තු­වට අවශ්‍ය වූ පසු­බිම මතය. ඒ අනුව 2024 වසරේ ඔක්තෝ­බර් මාස­යේදී ඔහුව පත්ක­රනු ලබන්නේ අප­රාධ බුද්ධි විශ්ලේ­ෂණ හා නිවා­රණ කොට්ඨා­සයේ අධ්‍යක්ෂ ලෙසය.

මධ්‍යම අප­රාධ විම­ර්ශන කාර්යාං­ශය නමින් සුවි­ශේෂි අප­රාධ විම­ර්ශ­නය සඳහා අලු­තින් ස්ථාපිත කළ විශේෂ පොලිස් ඒක­කයේ අධ්‍යක්ෂ ලෙස මෙම වසරේ මුල පත්ක­රනු ලබ­න්නේද ශානි අබේ­සේ­කර මහ­තා­වය. අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍ය­ක්ෂ­ධූ­ර­යට ඔහුට ස්ථාන මාරු­වක් ලබා­දෙන්නේ මධ්‍යම අප­රාධ විම­ර්ශන කාර්යාං­ශයේ අධ්‍යක්ෂ ලෙස සේවයේ නිර­තව සිටි­ය­දීය.

ගයාන් කුමාර වීර­සිංහ