හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ජයන්ත එදිරිසිංහ යන අයට කොළඹ මහාධිකරණය හමුවේ අද (30) අධි චෝදනා පත්‍ර භාරදීම සිදුකර තිබෙනවා.
කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න ඉදිරියේ අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති මෙම අධි චෝදනා පත්‍ර විත්තිකරුවන්ට භාර දුන් බවයි සඳහන් වන්නේ.
2014 වසරේදී, එවක ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවන පදවි ප්‍රාප්ති සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල්වලින් පුවත්පත්වල දැන්වීම් පළ කිරීම හරහා රජයට රුපියල් ලක්ෂ 17 කට අධික පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුළු අයවලුන් හට එම අධි චෝදනා පත්‍ර භාරදීම සිදුකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.