හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ශිරන්ති රාජපක්ෂව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට වත්මන් ජනාධිපතිතුමන් වෙත බලපෑම් කරන ලෙස මල්වතු මහා විහාර පාර්ශවයේ මහානායක ස්වාමීන් වහන්සේට ඉල්ලීමක් කරන ලද බවට සමාජ මාධ්‍යයන්හි ප්‍රචාරය වන පුවත සාවද්‍ය සහ පදනම් විරහිත එකක් බවට නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
මහානායක හිමිපාණන් වහන්සේගේ උපදෙස් හා නියමයන් මත මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ මල්වතු මහා විහාරයේ උපලේඛකාධිකාරී මහවෙල රතනපාල ස්ථවිරයන් විසින්.
එවැනි හමුවක් හෝ දුරකථන සංවාදයක් සිදුව නොමැති බව යි එම නිවේදනයේ දැක්වෙන්නේ.
මෙවැනි අසත්‍ය සහ සාවද්‍ය පුවත් නිර්මාණය කරමින් හා ප්‍රචාරය කරමින් අනවශ්‍ය ජන කැළඹීමක් ඇති කිරීමට උත්සාහ දරන පුද්ගලයින් හා සංවිධාන සම්බන්ධයෙන් ඉදිරියේදී නෛතික ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කරන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ