පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් අද (30) පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 ප්‍රකාරව අග්‍රාමාත්‍යවරියගේ ඉල්ලීම පරිදි අද (30) උදෑසන 9.30ට පාර්ලිමේන්තුව කැඳවන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ගැසට් නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දී තිබේ.
රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 11 වැනි වගන්තිය ප්‍රකාරව එක් එක් වර්ෂයේ ජූනි 30 හෝ එදිනට පෙර ආණ්ඩුව විසින් මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශයක් නිවේදනය කිරීමේ අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා පාර්ලිමේන්තුව මෙලෙස රැස්වීමට නියමිතය. මීට අදාළව ආණ්ඩුව ගෙන එන සභාව කල්තැබීමේ විවාදය අද (30) සවස 4.30 දක්වා පැවැත්වීමට නියමිතය.
සභාව කල්තැබීමේ මෙම විවාදයෙන් පසුව පාර්ලිමේන්තුව නැවත ජූලි මාසයේ 8, 9 සහ 11 යන දිනවල රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කරයි.
ස්වර්ණා විජේකෝන්, මහින්ද අලුත්ගෙදර, සන්ධ්‍යා කරුණාරත්න