මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

මාදුරුඔය වන උද්‍යානයේ සිට ගල්ඔය වන උද්‍යානය දක්වා 2021 වර්ෂයේදි කිලොමිටර් 15ක අලිවැටක් ඉදිකිරිමට යොජනා වු අතර ඒම අලිවැට අරළුපිටිය හරහා කිලෝමිටර් 10ක් ඉදිකරන විට දෙහිගම ගම්වාසින් විසින් මෙම අලිවැට නිසා සිය ගම්මානවලට වන අලි ග්‍රහණය සිදුවන බව පවසා ඇති වු විරෝධතාවය හේතුවෙන් එම අලිවැට ඉදිකිරිම නතරවි පැවතුණි.

ජාතික ජනබල වේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රි සුදත් බලගල්ල මහතා මෙම ප්‍රදේශයේ ‌ නිරික්ෂණ චාරිකාවකට පසුගිය දා (28) සහභාගි වූ අතර එම අලිවැට නැවත ඉදිකිරිම සදහා අදාළ නිළධාරින් සමඟ සාකච්ඡාවක් ද පැවැත්වූහ.

දෙහිගම, ඇකිරියම්කුඹුර, අරළුපිටිය යන ගම්මාන වල ගම්වාසින් හා රාජ්‍ය නිළධාරින්ගේ අදහස් හා යෝජනා අනුව මෙම අලිවැට පෙර සැලසුම් කළ ආකාරයට ඉතිරි කිලෝමිටර් 5 ඉදිකීරිමටත් ඉන් අනතුරුව අලි කොරිඩෝවක් ලෙස මාදුරු ඔය වන උද්‍යානයේ සිට ගල්ඔය වන උද්‍යානය දක්වා අලින්ට ගමන් කිරිමට හැකිවන අන්දමින් මෙම අලිවැටට සමාන්තරව දෙහිගම ඇතුලු ගම්මාන රැසක් අවාර්ණය වන පරිදි අලිවැටක් ඉදිකර අලි කොරිඩෝවක් නිර්මාණය කිරීම ට රාජ්‍ය නිළධාරින් හා දේශපාලන අධිකාරියේ ඒකකතාවයට අනුව ගම්වාසින්ගේ ද කැමත්ත හිමිවිය.

ඉදිකිරිමට යෝජිත අලිකොරිඩොව මගින් රිදිමාලියද්ද දෙහිගම, පෙතියාගෙඩ යල්වෙල, මොරාණ, ඇකිරියම්කුඹුර, අරළුපිටිය යන ගම්මාන ඇතුළු ගම්මාන රැසකට බලපා ඇති වන අලි හානි මුළුමනින්ම අවම කිරිමට හැකිවේ.

මෙහිදි දැනට අතරමග නවතා දමා ඇති අලිවැට කඩිනමින් ඉදිකිරිමටත් අලි කොරිඩෝව සදහා අනිත් පස අලිවැට මැණිම්කටයුතු සිදුකරන ලෙසත් මෙම අලි කොරිඩොව කඩිනමින් ඉදිකිරිමට පියවර ගැනිමටත් සුදත් බලගල්ල මහතා නිළධාරින්ට උපදෙස් ලබා දුන්හ.

මෙම අවස්ථාවට රිදීමාලියද්ද ප්‍රාදේශිය ලේකම් ඩි.ඩි.එස්. තක්ෂිලා ගුණරත්ණ, මිණිපේ වන ජිවි අඩවි නිළධාරි සමීර බණ්ඩාර,ඇතුළු රාජ්‍ය නිළධාරින් සහ ප්‍රාදේශිය දේශපාලකයින් ඇතුලු ප්‍රදේශවාසින් විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ.