භාවිතයෙන් ඉවත් කර ඇති ලංගම බස් රථ 600 ක් අලුත්වැඩියා කර, යළිත් ධාවනයට එක් කරන බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා.
එසේම ලංගම බස් ප්‍රමාණය වැඩි කිරීම සඳහා ද රජය විසින් මුදල් වෙන්කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.
ලංගම රියැදුරන් සහ කොන්දොස්තරවරුන්ගේ පවතින පුරප්පාඩු සම්බන්ධයෙන් දිවයින පුරා සංගණනයක් සිදුකළ බවද, එම පුරප්පාඩු සඳහා බඳවා ගැනීමට අනුමැතිය ලබාගැනීම සඳහා පුරප්පාඩු පවතින රියැදුරන් සහ කොන්දොස්තරවරුන් ලැයිස්තුව අග්‍රාමාත්‍ය අනුකමිටුව වෙත ඉදිරිපත් කර ඇති බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියා.