ජනප්‍රිය රංගන ශිල්පිනියගේ මරණයට හේතුව හෙළිවෙයි

ජනප්‍රිය ඉන්දීය නිළියක් සහ නිරූපිකාවක් වන ෂෙෆාලි ජරිවාලා පසුගිය සිකුරාදා ජීවිතක්ෂයට පත්වුනේ හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන්. 

ඇගේ අවසන් කටයුතු සෙනසුරාදා සවස මුම්බායි හිදී සිදු කළ අතර පවුලේ සමීප සාමාජිකයන් සහ මිතුරන් රැසක් ඒ සඳහා එක්ව සිටි බවයි විදෙස් මාධ්‍ය පවසා සිටියේ. 

නිළි ෂෙෆාලි ජරිවාලාගේ හදිසි මරණය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයේදී ප්‍රධාන තොරතුරු කිහිපයක් මේ වනවිට මතුව තිබෙනවා.

මූලාශ්‍රවලට අනුව, සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ, සාක්ෂි සහ මූලික අධිකරණ වෛද්‍ය තොරතුරු මත පදනම්ව පොලිසිය වැදගත් තොරතුරු රැස් කරගෙන ඇති බව සදහන්. 

“ෂෙෆාලි පසුගිය අවුරුදු හත-අට තිස්සේ නිතිපතා වයසට යාම වැළැක්වීමේ ඖෂධ ලබා ගෙන තිබෙනවා.

 ජුනි 27 වන දින නිවසේ පූජාවක් පැවති අතර, ඒ නිසා ෂෙෆාලි උපවාසයේ යෙදී සිටි ඇති අතර එසේ තිබියදීත්, ඇය එදිනම දහවල් වයසට යාම වැළැක්වීමේ ඖෂධ ලබාගෙන ඇති බව සඳහන්. 

මෙම ඖෂධ වසර ගණනාවකට පෙර වෛද්‍යවරයෙකු විසින් ඇයට උපදෙස් දෙන ලද අතර එතැන් සිට ඇය සෑම මසකම මෙම ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා. 

මේ දක්වා පොලිස් විමර්ශනයේදී, මෙම ඖෂධ හෘදයාබාධ ඇතිවීමට ප්‍රධාන හේතුවක් විය හැකි බව අනාවරණය වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ.

 ජුනි 27 වන දින රාත්‍රී 10 ත් 11 ත් අතර කාලය තුළ ෂෙෆාලිගේ සෞඛ්‍යය තත්ත්වය අහපත් තත්ත්වයට පත්ව තිබෙනවා.

 සිරුර වෙව්ලන්නට පටන් ගත් අතර ඇය සිහිසුන්ව වැටුණු අතර ඇයව වහාම රෝහලට ගෙන ගොස් තිබෙනවා. 

ඒ වන විට ෂෙෆාලි, ඇගේ සැමියා වන පරාග්, මව සහ තවත් කිහිප දෙනෙක් නිවසේ සිට ඇති අතර පරීක්ෂණයේ කොටසක් ලෙස අධිකරණ වෛද්‍ය කණ්ඩායම නිවසින් විවිධ ද්‍රව්‍ය එකතු කරගෙන තිබෙනවා.

 ඔවුන් තවදුරටත් කියා සිටියේ, “වයසට යෑම වළක්වන පෙති, විටමින් අතිරේක සහ ආමාශයික පෙති ඇතුළු විවිධ ඖෂධ වර්ග අධිකරණ වෛද්‍ය කණ්ඩායම නිවසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. 

මේ වන විට, මෙම නඩුවේ පවුලේ සාමාජිකයන්, ගෘහ සේවිකාවන් සහ බෙල්වියු රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු පුද්ගලයින් 8 දෙනෙකුගේ ප්‍රකාශ පොලිසිය විසින් සටහන් කර ගෙන තිබෙනවා.