විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක් ලෙස හෙට (30) දිනයේ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව, පාර්ලිමේන්තුව හෙට පෙරවරු 09.30ට රැස්වීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.
024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 11 වැනි වගන්තිය ප්‍රකාරව එක් එක් වර්ෂයේ ජූනි 30 හෝ එදිනට පෙර ආණ්ඩුව විසින් මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශයක් නිවේදනය කිරීමේ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා පාර්ලිමේන්තුව මෙලෙස රැස්වීමට නියමිතව තිබෙනවා.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 ප්‍රකාරව අග්‍රාමාත්‍යවරිය විසින් කරනු ලබන ඉල්ලීමක් මත කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් හෙට පාර්ලිමේන්තුව කැඳවා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.