ශ්‍රී ලංකාව සමග පැවති ටෙස්ට් තරගාවලිය 1-0 කින් පරාජය වීමෙන් පසු බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් නායක Najmul Hossain Shanto බංග්ලාදේශ ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ශ්‍රී ලංකාව සමග පැවති දෙවැනි ටෙස්ට් තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී ඔහු පැවසුවේ, ටෙස්ට් නායකත්වයේ තවදුරටත් රැඳී සිටීමට තමාට අවශ්‍ය නැති බවයි.
මෙම තීරණය ගනු ලැබුවේ කණ්ඩායමේ යහපත වෙනුවෙන් බවත්, ක්‍රිකට් ආකෘති තුන සඳහා වෙන වෙනම නායකයින් තිදෙනෙකු සිටීම සුදුසු නොවන බවත්, වෙනම නායකයින් තිදෙනෙකු සමඟ කටයුතු කිරීම කණ්ඩායමට අපහසු වනු ඇතැයි සිතන බවයි ඔහු එහිදී කියා සිටියේ.
තම තීරණය දින කිහිපයකට පෙර බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනුම් දුන් බවද ෂැන්ටෝ පැවසුවා.
ඔහු 2023 නොවැම්බර් මාසයේ සිට බංග්ලාදේශ කණ්ඩායමට ටෙස්ට් තරග 14 කදී නායකත්වය ලබාදුන් අතර, ඔහු යටතේ බංග්ලාදේශය ටෙස්ට් තරඟ 04 ක් ජයග්‍රහණය කර, තරග 09 ක් පරාජයට පත්වී තිබෙනවා.
බංග්ලාදේශ එක්දින නායකයා ලෙස මේ මාසයේ මුල Mehidy Hasan Miraz පත් කරනු ලැබූ අතර, ටෙස්ට් නායකත්වයද ඔහු වෙත පවරනු ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.