රුපියල් මිලියන 47 ක කේරල ගංජා තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට

යාපනය කරෙයිනගර් කෝවිලන් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී රුපියල් මිලියන 47 කට වැඩි වටිනාකමකින් යුත් කේරල ගංජා තොගයක් සැකකරුවන් තුන් දෙනෙකු සමඟ නාවික හමුදාව සිය භාරයට ගත්හ.

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය කරෙයි නගර් කෝවිලට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශයේ පසුගිය 27 වනදා වැටලීමක් සිදු කළහ.

එහිදී රුපියල් මිලියන 47 ක දල වටිනාකමකින් යුතු කේරල ගංජා කිලෝග්‍රෑම් 209 ක තොගයක් සොයා ගැනුණි.

ඩිංගි යාත්‍රාවක් සහ සැකකරුවන් 03 දෙනෙකු ද නාවික හමුදා භාරයට ගෙන තිබේ.

නාවික හමුදාව සඳහන් කළේ ඩිංගි යාත්‍රාව තුළ උර 06 ක පාර්සල් 73 ක මේවා අසුරා තිබූ බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 26 සහ 43 වයස් කාණ්ඩවල පසුවන යාපනය ගුරුනගර් සහ අනලතින් ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

කේරල ගංජා තොගය,  ඩිංගි යාත්‍රාව සහ සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සදහා යාපනය කයිට්ස් පොලිස් ස්ථානයට භාරදීමට කටයුතු කර ඇත.