පසුගිය 24 වැනිදා මිද්දෙණිය, තෝරකොළයාය තේක්ක රක්ෂිතය අසලදී තරුණයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරුවන් පැමිණි බවට සැක කෙරෙන යතුරුපැදියක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. මිද්දෙණිය, ඕකන්දයාය, පෙරළිදවැව ප්‍රදේශයේ මෙම යතුරුපැදිය දමා ගොස් තිබියදී, ප්‍රදේශවාසියෙකු ලබා දුන් තොරතුරක් මත පොලිසිය එය සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් ඇති වූ විරසකයක් හේතුවෙන් මෙම ද්විත්ව ඝාතනය සිදු කරන්නට ඇති බවට පොලිසිය සැක පළ කරනවා.
