පකිස්ථානයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් තිස් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පසුගිය සතිය පුරා පාකිස්ථානයට බලපෑ අධික වර්ෂාවත් සමඟ ගංවතුර තත්ත්වයක් හට ගත්තේය.
මෙම වසරේදී පාකිස්ථානයට මෝසම් වර්ෂාපතනය වෙන වසරවලට සාපේක්ෂව කලින් ආරම්භ වී ඇති බවට එරට කාලගුණ අංශ සඳහන් කරයි.
මියගිය තිස් දෙදෙනා අතරින් අට දෙනෙකු කුඩා දරුවන් බවත් නිවාසවල බිත්ති හා වහල කඩා වැටීම හේතුවෙන් එම දරුවන් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් සඳහන් වේ.
ගංවතුර හා අධික වර්ෂාපතනය හේතුවෙන් නිවාස 56කට හානි සිදුව ඇති අතර නිවාස 06ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව සඳහන් ය.
ලබන අඟහරුවාදා දිනය දක්වා වර්ෂාපතනයෙන් බලපෑම් එල්ල විය හැකි බව පාකිස්ථාන කාලගුණ අංශ පැවසීය.